තමාට සලකන ආකාරය වැරදි වූවත් ඒ ගැන සැලීමක් නොමැති බව හිටපු අමාත්‍යවරයෙකු වන එස්. බී දිසානායක පවසයි.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එස්. බී දිසානායක ඒ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මහින්ද රාජපක්ෂට පසුව සිටින්නේ තමන් බවය.

“මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි. කලකිරීමක් තියෙනවා ඔළුවේ අමාරුවක් නැති හින්දා. ඒ වුණාට අපි හිනාවෙලා ඉන්නවා. මම කරපු හැම අමාත්‍යාංශයකම මම රෙකෝඩ් තියලා තියෙනවා. අපි ඔලිම්පික් මෙඩ්ල් ගෙනාවේ.අපි වර්ඩ්කප් ගෙනාවේ. මට කරපු වැඩේ වැරදියි. හැබැයි සැලීමක් නෑ.”