දේශපාලන වශයෙන් කළකිරී ඇති බව රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ප්‍රකාශ කරනවා.

රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න,

“මට ජනතාව ඉස්සරහා වීරයෙක් වෙන්න අවශ්‍ය නෑ. ජනතාව මාව වීරයෙක් කරලා තියෙනවා. ඉතින් සමහර ප්‍රශ්න ගැන අපි හරි කනගාටු වෙනවා. වෙන පළාත්වලින් ඇවිල්ලා බලහත්කාරයෙන් දේශපාලන චණ්ඩි වෙලා කප්පම් යුගයක් නැවත ආරම්භ වෙලා. මේවා අපි කිව්වාම බීරි අලින්ට වීණා ගයනවා වගේ. නායකයෝ තීන්දු ගන්නෙත් නෑ. ඒ නිසා අපිට තීන්දු ගන්න කාලේ ඇවිල්ලා තියෙනවා. ජනතාවට තීන්දු ගන්න කාලේ ඇවිල්ලා තියෙනවා. යමක් වැරදුනා නම් නිවැරදි කිරීමේ බලය ජනතාවට තියෙනවා. මම බොහොම කනගාටුවෙන් ඉන්නේ. දේශපාලන වශයෙන් කලකිරිලා ඉන්නේ. ඇමතිවරයා විදිහට කලකිරිලා ඉන්නේ. කාටද කියන්නේ. කිව්වාම ඇහෙන්නේ නෑ. ඒ නිසා අපිටත් තීන්දු ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ.”