ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (ජූලි 30) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් ඇය මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නුවරඑළිය – තලවකැලේ මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේදී ඇය ගමන් ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ අනතුර සිදුව ඇති බව බවය.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ලිඳුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලිඳුල පොලීසය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මිය යන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.