කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අද (ජූලි 28) දිනයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්ගගත (online) ඉගැන්වීම්වලින් ඉවත්වීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එම්.එස්.කේ. බන්නැහැක පවසයි.

‘මව්බිම’ කළ විමසීමකදී මහාචාර්යවරයා පැවැසුවේ, කොතලාවල පනත සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය විරෝධය පළ කරන බව ආණ්ඩුවට දැන්වීමට අද දිනයේදී සංකේතාත්මකව මේ වර්ජනය දියත් කරන බවයි. 

වර්ජනයට සමගාමීව රටපුරා සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (ජූලි 28) දිනයේදී සෞඛ්‍යාරක්‍ෂිත ලෙස විරෝධතා දක්වන බව ද හෙතෙම පැවසීය.

ඉදිරියේදී පුළුල් ජනතා පෙරමුණක් ගොඩනගමින් කොතලාවල පනතට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ද මහාචාර්යවරයා අවධාරණය කරයි.