ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් තැබීමට නාවික කිමිදුම්කරුවන් දෙදෙනෙක් සමත්ව තිබේ.

විධාන කිමිදුම් නිලධාරි (නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම්කරුලෙස කටයුතු කළ බල නැවි (කිමිදුම්) ඩබ්.ඩබ්.එන්. පී සඳරුවන් යන නාවිකයින් එම වාර්තාව තබා ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික ඉතිහාසයේ එවන් ගැඹුරකට කිමිදුනු ප්‍රථම පුද්ගලයින් ලෙස ඔවුන් ඉතිහාස ගතවිය.