මුදල් අමාත්‍යංශය සහ ආර්ථික කටයුතු සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතේ පවතින ආයතන කිහිපයක් පිළිබඳව සංශෝධිත ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය දරන මුදල් අමාත්‍යංශය වෙත ඊයේ පැවරූ අරමුදල් තුනක් නැවත අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ අමාත්‍යංශය වෙත පවරා තිබෙනවා

මුදල් අමාත්‍යංශය යටතේ පැවති බුද්ධ ශාසන අරමුදල ,බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කිරීමේ අමාත්‍යංශය යටතට අලුතින් එක්කර තිබෙනවා

එය දැක්වෙන ගැසට් නිවේදනය පහතින් ,