විරෝධතා මර්දනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනුකර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගයේ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්.

පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය සහ නිතිපතිවරයා නම් කර තිබෙනවා.

සාමකාමී අයුරින් උද්ඝෝෂණයේ නිරත වන පිරිස නිරෝධායන පනතට මුවාවී අත්අඩංගුවට ගෙන නිරෝධායනය සඳහා යොමු කිරිම මගින් රටේ ජනතාවට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස සම්පුර්ණයෙන්ම උල්ලංඝනය වන බව, පෙත්සම්වල සඳහන් වනවා.

එම නිසා පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ, වගඋත්තරකරුවන් අධිකරණය හමුවට කැඳවා ඒ සම්බන්ධයෙන්, විභාගයක් පවත්වන ලෙසයි.