සෞඛ්‍ය අංශ මගින් දැඩි නීතිරීති පනවා එක් රැස් වීම් සීමා කර තිබියදී ආණ්ඩුව සඳුදා සිට සියලුම රජයේ සේවකයන් සේවයට කැඳවීමෙන් කොරෝනා රෝගීන් සහ මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීය.