ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද(26) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

පැය 02කට වැඩි කාලයක් පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටියහ.

සන්ධානයක් ලෙස ක්‍රියා කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දී ඇති ගැටලු කිහිපයක් පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ,

අපිට පැයක කාලයක් දීලා තිබුණේ හැබැයි පැය දෙක හමාරක කාල වකවානුවක් අපි සාකච්ඡා කරා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුකරණයට සම්බන්ධ කර නොගැනීම ප්‍රශ්නය එතුමාට ඉතාම පැහැදිලිව අපි පැහැදිලි කරලා දුන්නා එතුමා ඒක ඉතාම හොඳින් ග්‍රහණය කර ගත්තා. මං හිතන්නේ එතුමා දිගින් දිගටම අපි කරපු ප්‍රකාශවල එතුමාගේ වගකීම එතුමා භාර ගත්තා. ඒ අනුව යම් වැඩපිළිවළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්ථීරසාර වැඩපිළිවළක් පල්ලෙහා ඉන්න අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, කොට්ඨාස සංවිධායකවරුන්, සංවිධායකවරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කෝමද මේකට සම්බන්ධ කර ගන්නේ කියන කාරණය ඉදිරියට ගෙනියන්න.

හදපු ආණ්ඩුව පළවෙනියෙන් ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ වගේම ආණ්ඩුවට විරුද්ධව තියෙන ප්‍රශ්න පිළිබඳවත් අපි එතුමත් එක්ක කතා කළා