රිෂාඩ් බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

පාස්කු ප්‍රහාරය, සතොස වංචා, මෙන්ම දැරිය පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් දිය හැකි උපරිම දඬුවම් ඔහුට මේ ආණ්ඩුව යටතේ ලබාදෙන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මේ බව සඳහන් කළේය.