ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද උදෑසන උද්ඝෝෂණයක් ආරම්භ කෙරිණි.

උද්ඝෝෂකයින් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීම හේතුවෙන් කොටුවේ මාර්ග කිහිපයක් අවහිර වී ඇත.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස උද්ඝෝෂණයේ නියැලේ.

මේ වන විට ගුරු සංගම් නියෝජිතයින් කිහිපදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරී සමඟ සාකච්ඡාවකට ගොස් ඇතැයි වාර්තා වේ.

උද්ඝෝෂණය හේතුවෙන් ගාලු පාර, ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ද අවහිර වී ඇත.