හිටපු ජනාධිපති රනිල් ඉන්දියාව බලා පිටත්ව යයි. – 21.11.2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව අද උදෑසන 8.40ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL - 121 දරන ගුවන් යානයෙන් ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.