කෘෂිකර්ම, ආහාර හා ඩිජිටල් යටිතල පහසුකම්වල සහයෝගය ව්‍යාප්ත කිරීමට අවධානය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී කෘෂිකාර්මික නවීකරණය, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම්, සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණයට එකතු කිරීම වැනි මූලික කරුණු...