ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්. – 12.08.2025

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (11) දිනයේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය. නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා...