බදියුදීන් රෝහලේ සිට CIDයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියදී පසුගිය 17 වනදා රෝහල්ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (24) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය. ඒ කොළඹ ජාතික රෝහලේ දී සිදු කෙරුණු ප්‍රතිකාරවලින් අනතුරුවය. රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා මන්ත්‍රීවරයා එලෙස පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. මේ අතර මන්ත්‍රීවරයා...