ජගත් මනුවර්ණට නව සභාපති ධූරයක්. – 13.07.2025

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස මන්ත්‍රී ජගත් මනුවර්ණ පත්වී ඇත. සමාරම්භක රැස්වීමේදී ඔහුගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කරන ලදී. නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස රුවන් මාපලගම, තුෂාරි ජයසිංහ, සුසන්ත දොඩාවත්ත, සුගත් වසන්ත ද සිල්වා සහ නිලන්ති කොට්ටහච්චි තේරී පත්වී තිබේ. සංසදය ලබන 22වැනිදා යළි රැස්වීමට නියමිතය.