ජනපතිගේ දීපාවලී සුබ පැතුම් පණිවිඩය. – 20.10.2025

ජනාධිපති අනුර කුමාර දිසානායක. අදට(20) යෙදෙන දීපාවලි දිනය නිමිත්තෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ. "ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදට (20) යෙදී තිබේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්, අධර්මය පරදා ධර්මය ජය ගත් අයුරින් සියල්ලන්ගේ සිත්සතන්හි අඳුර දුරලා...