රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් – 2024.11.29

සුදුවෑන් සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.