අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෛත්‍රීගෙන් ප්‍රකාශයක් ගන්න සැරසෙයි – 2024.03.24

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුත්තන් තමා දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත....