පොහොර නොමැති නිසා තම වගාවන් පාලුවී ඇති බව පවසමින් ඇඹිලිපිටිය නගරය ආසන්නයේ දී අද (25) විරෝධතාවක් පැවැත්වුණා.

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගය ආසන්නයේ වෙල් යායක පැවති විරෝධතාවට සමගි ජන බලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිවු දෙනෙක් ද එක්ව සිටියා.

සෞඛ්‍ය උපදෙස් ද නොතකමින් ඇතැමුන් රැස්ව සිටි අතර මිනී පෙට්ටියක් ගිනි තැබීම ද එහිදී සිදු වුණා.