මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත්ව පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර සිටිනවා.

ඔහුගේ දියණිය ප්‍රකාශ කරන්නේ වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ යැයි හඳුන්වාගත් පුද්ගලයින් 20ක් පමණ මෙසේ ඔහුව රැගෙන ගිය නමුත් ඔවුන් නිල ඇඳුම් නොපැළඳ සිටි බවත් ඔවුන් අසේල සම්පත්ව එසේ රැගෙන යාමට කිසිඳු හේතුවන් නොදැන්වූ බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක්ද යොමු කර ඇති බවයි ඇය සඳහන් කළා.