නවතා දමා තිබෙන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් ජලගැලීම් නිසා පීඩාවට පත්වන ජනතාව මුහුණදෙන ගැටළු අවම කිරීමට පළාත් පාලන ආයතන, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් සාමූහික තීන්දුවකට එළඹෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ආයතන වශයෙන් බෙදී ඇති කාර්යයන් නිසි පරිදි ඉටුනොවීම හේතුවෙන් ජනතාව මෙන්ම රජය ද අපහසුතාවට පත්ව ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මේ අතර ජනතාවට කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිසි ක්‍රමවේදයන්ට යටත්ව ලබා දෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජලගැලීම්වලට ලක්වන කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල පහත්බිම් සඳහා විසඳුම් ලබාදීමට අදාළ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.