මාසයක් ඇතුළත තවත් කිරිපිටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් කුරුණෑගල දී අරඹන බවත්, එළඹෙන වසරේ දී චීනයට කිරිපිටි අපනයනය කිරීමට කටයුතු කරන බවත්, පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. පසුගිය දා විකාශය වූ ‘එක්ව ජයගමු’ සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

“කිරි තියාගන්න බැහැ මාස 06කට වැඩිය. කිරි පිටි හදලා විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා මාස 06කට වැඩිය තියා ගන්න බැහැ කියලා. මම අනිවාර්යෙන් එන අවුරුද්ද වෙනකොට චීනයට යවනවා. අපි ඒකේ ගහනවා, “Shelf Life – Six Months” කියලා ගහනවා. බටර් තියාගන්න පුළුවන් මාසයයි. නැත්නම් පුස් හැදෙනවා. අද වෙන කොට කිරිපිටි හදන්නේ මම විතරමයි. ටොන් 30 ක් හදනවා දැන්. දවසකට ටොන් 30ක් මම කොළඹට ගේනවා. ඊයේ හදපු කිරි, අද වෙනකොට පිටි කරලා ගේනවා. තව මාසයක් ඇතුළත තවත් ෆැක්ටරියක් කුරුණෑගල දී පටන් ගන්නවා”, යැයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.