දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 04 ට ලිහිල් කෙරෙනවා. කෙසේ වෙතත් යලිත් 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 04 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි. සංචරණ සීමා ලිහිල් කරන හෙට දිනයේ සිට ජනතාව සහ ඒ ඒ සේවා මධ්‍යස්ථාන කටයුතු කළයුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කළා.