සුපිරි වෙළඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට අවසර ලබා නොදෙන බව හමුදාපතිවරයා නිවේදනය කල බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අප කල විමසීමකදී නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ඒ බව තහවුරු කළා.

සුපිරි වෙළඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට අදාළ ප්‍රතිපත්තිමය අවසරය මුදල් අමාත්‍යාංශය ඊයේ ලබා දුන්නා.

කෙසේවෙතත් කොවිඩ් මර්ධන කාර්යය සාධක බලකාය විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමේ යෝජනාව ඉවත්වන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.