70 වන උපන්දිනය සමරන දිනය වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වනවිට එහි වත්මන් ප්‍රධානීන් විසින් විනාශ කොට ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සදහන් කරයි.

වශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය මේ බව සදහන් කොට තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වන සංවත්සරය සමරන අවස්ථාව වන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාමත් දුර්වල තත්ත්වයට පත්ව තිබේ. වත්මන් පක්ෂ නායකයන් විසින් අප ආදරණීය පක්ෂයට සිදු කර තිබෙන විනාශය දෙස ඉතාමත් වේදනාවෙන් බලා සිටිමින්, සැබෑ බණඩාරනායක ප්‍රතිපත්ති සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙන් පක්ෂය බේරාගෙන, ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට නායකත්වය ගන්නා මෙන් දිවයින පුරා විසිරී සිටින සියලුම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මම ඉතා ඕනෑකමින් ආරාධනා කර සිටිමි. මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්වය සහ අනාගතය සම්බන්ධයෙන් මාගේ අවංක අදහස පහත ඉදිරිපත් කර තිබේ.