ශ්‍රී ලංකාව හා එක්දින තරගාවලියට එක්ව සිටි එංලන්ත කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු හා එහි සහායක කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව කණ්ඩායම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේ දී පාකිස්තානය හා පැවැත්වෙන තරගාවලිය අවලංගු නොකිරීමට ද තීරණය කර තිබෙනවා.