ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.

දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 121 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව5,620 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද (12) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 619 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,039 ක්.