ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ති​බේ. මේ පිළිබඳව ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී ති​බේ.

විස්තර විචාරක රොෂාන් ​අබේසිංහ ඉසුරු උදානගේ සමුගැනීම පිළිබද Twitter පණිවිඩයක්​ද නිකුත් කර තිබේ.