ශ්‍රී ලංකාව සිය විදේශ ණය ගෙවාගැනීමට නොහැකි වීම නිසා අර්බුදයකට ලක්වී සිටින බව ඉන්දියාවේWION මාධ්‍ය නාලිකාව වාර්තා කර තිබේ. ඉදිරි මාස 12ක කාල සීමාව තුලදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක මුදලක් ණය ආපසු ගෙවීම් වශයෙන් සිදුකල යුතු වුවද ඒ සදහා අවශ්‍ය මුදල් ශ්‍රී ලංකාව සතු නොවන බවයි එහි දක්වා ඇත්තේ.

ශ්‍රී ලංකාව පසුගිය සමයේදී චීනයෙන්, ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් “කරන්සි ස්වැප්” වර්ගයේ හදිසි ණය පහසුකම් ලබාගනු ලැබීය . මෙම ණය ඇමරිකානු ඩොලර් වලින් ලබාගන්නා අතර නැවත ගෙවීමේදී ශ්‍රී ලංකා රුපියල් වලින් පියවීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණය මුදලක් බලාපොරොත්තු වන බවද WION වාර්තා කර ඇත.

ආනයන සීමා සිදුකලද මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීමටද ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව එම වාර්තාවේ සදහන්