අන්තර් පළාත් බස් ධාවනය’ කොවිඩ් කමිටුවේ තීරණයට අනුව බස් රථ කිහිපයක් සඳහා හෝ ගමන්වාර කිහිපයක් ලබාදීමට තවදුරටත් හැකියාවක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් හෙට (28) දිනයේ සිට අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් අතර බස් රථ කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් කර තිබුණි.

ඒ අනුව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග පැවති සාකච්ඡාවෙන් පසුව අන්තර් පළාත් බස් ධාවනය තවදුරටත් කල් දැමීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.