සංචාරකයන්ව රට ඇතුළට රැගෙන එනවා නම් ඔවුන් රටින් පිටවනතුරු සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල දැඩි අධීක්ෂණයට  ලක්කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ගුවන්තොටුපොළ සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් පසු ඉකුත් දින කිහිපය තුළ සංචාරකයන් වශයෙන් විශාල ලෙස ඉන්දියානුවන් පැමිණෙන බව දක්නට ඇතැයි සඳහන් කළ උපුල් රෝහණ මහතා, එසේ පැමිණෙන ඉන්දියානුවන් රට තුළ දින 14ක් ගත කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් කරා ගමන් කරන බව දක්නට ඇතැයි ද සඳහන් කර තිබෙනවා.

එසේ පැමිණෙන ඉන්දියානු සංචාරකයන් රට තුළ නිරෝධායන ක්‍රියාවලියට ලක්කරන්නේ කවුරුන් විසින් ද යන ගැටලුව අප හමුවේ පවතින බවත් විශේෂයෙන් මේවා සෞඛ්‍ය අංශවලට දැනුම්දීමක් සිදු නොවන බවත් උපුල් රෝහණ පෙන්වා දී තිබුණා.