තමා සිටියනම් පහුගිය අවුරුද්දේම රුපියල් 40 ට තෙල් ලබා දෙන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර සදහන් කරන්නේ ශ්‍රී ලංකා තෙල් සංස්ථාව හා මෙම රජය මේ රටේ ජනතාවගෙන් ගසා කාපූ මුදල රු බිලියන 400කට සමාන බවය.

එමෙන්ම ඉන්දන මිල ඵෛතිහාසික ලෙස වැඩි කිරීමට තීන්දු කිරීම නින්දා සහගත බවත් රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මොහොතක ඉන්දන මිල වැඩි කිරීමෙන් ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා හා සමාන වන බවය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරේ අද පැවති මාධ්‍ය හමුවකදීය..