තමන් ජීවිතයේ කිසි දිනෙක බියට පත්වී නොමැති බවත්, ඒ ගැන විශ්වාසයක් නොමැති නම් සිය මවගෙන් අසා බලන ලෙසත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අද මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, හංවැල්ල නව බස් නැවතුම්පොළ ඉදිකිකිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වූ අවස්ථාවේදීය.

“ඔයාට මාව විශ්වාස නැත්නම් අපේ අම්මාගෙන් අහන්න, මම ජීවිතේ කවදාවත් බයවෙලා නෑ. දැකලා තියෙනවා ද මගේ මුණේ බයක් එක ම එක දවසක.”

එලැඹෙන 19 හා 20 දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවට කිසිදු බියක් නොමැති බව ද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

බැසිල් රාජපක්ෂ විශ්වාසභංගයට සහයෝගය ලබා දෙයි ද? යනුවෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, තමන් අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කිරීමට අකමැති බවය.