ප්‍රථමයෙන් පරිපාලන ගැටලු හදුනාගෙන ඒවා විසඳගත යුතු බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොළ සදහන් කරනවා.

ඔහු මේ බව පැවසුවේ සිය පත්වීමේ ලිපිය භාරගත් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.

තමාට හැකියාවත් පළපුරුද්දත් තිබෙන බවත් එම නිසා මෙය අසීරු දෙයක් නොවන අතර කීර්තිනාමයට කැළලක් නොවන අයුරින් මෙම ප්‍රශ්නය විසඳගත යුතු බව ඔහු වැඩිදුරටත් සදහන් කරා.