ශ්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීමට නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන GovPay හරහා සිදු කළ ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 500 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව, අද දිනය වන විට ගනුදෙනු වාර 37,715 ක් ඔස්සේ රුපියල් 568,666,330 ක රාජ්‍ය ගනුදෙනු සිදු කර ඇති අතර, මේ සඳහා රාජ්‍ය ආයතන 184 ක ප්‍රමාණයක් එක්ව ඇත.

GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු රජයට අදාළ විවිධ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට පහසුකම් සලසා දී තිබෙනවා.