ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (17දා) කොළඹදී සිදුකෙරේ.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම්ගේ පියාගේ අවමඟුලට සහභාගීවීමට රනිල් වික්‍රමසිංහ අද උදේ කොළඹින් බැහැර ගොස් සිටින අතර යළි කොළඹට පැමිණි වහාම මෙම හමුව සිදු වීමට නියමිතය.

මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් ඊයේ කළ සංවාදයකට පසුවය.