ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහිවු අසාර්ථකම පාලකයා බවට ගෝඨාභය රාජපක්ෂ පත් වි ඇති බව සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයේ නීතිඥ නාමල් රාජපක්ෂ සදහන් කරනවා.

අද කොළඹදි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කලේ ආර්ථික සමාජීය දේශපාලන සෑම අතකින්ම ජාත්‍යන්තර මට්ටමෙන්ද ජනාධිපතිවරයා අසාර්ථක වි ඇති බවයි

තමන්ගේ ගජමිතුරන් සමග ජනාධිපති කාර්‍යාලයේ එක්ව රට පාලනය කිරිමට උත්සහා කිරිම නිසා ගම්දනව් තුලද ජනාධිපතිවරයා ආසාර්ථක වි ඇති අතර ,එන්නත්කරණය අතින් ඉහලින්ම කැපි පෙනුනු රටක් වන ශ්‍රී ලංකාව තුල අද වන විට එන්නතක් හරි හැටි ලබාදීමට නොහැකි වි තිබිම ආසාර්ථකත්වයේ තවත් පැතිකඩක් ලෙස ඔහු සදහන් කරනවා.

තවද චීනය තුල වැව් නොමැති අතර වැව් සම්බන්ධයෙන් දැනුමක්ද චීනය සතුව නොමැති බැවින්. චීන ජාතිකයින්ට නැව් ප්‍රතිසංස්කරණය කිරිම කල නොහැකි අතර එම ශිල්පය හරි ආකාරයෙන් දන්නේ ශ්‍රී ලාංකික ජනතාව පමණක් බවත්, මෙම අවස්ථාවේ චීන සමාගම් එක්ක එකතු වෙලා වැව් හැරීම සම්බන්ධයෙන් උදා වී ඇත්තේ බොහොම ඛේදනීය තත්ත්වයක් බවයි නීතිඥ නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සදහන් කරන්නේ.