දින ගණනාවකදී මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යාපනය හදාරන දරුවන් සඳහා එන්නත් ලබදීම කඩිනම් කරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බලකරනු දක්නට ලැබිණ.

ඒ අනුව අද පාර්ලිමේන්තුව තුලදීද ඒ මහතා තම සටන එලෙසම් ඉදිරිපත් කරමින් ‘උසස් පෙළ ශිෂ්‍යන්ට ෆයිසර් එන්නත ලබාදෙන ලෙසත් වෙනත් එන්නතක් ඒ සඳහා නොගැලපෙන බවත් පවසා සිටියේය.’

එහිදී එන්නත්කරණයෙන් පසුව හැකි ඉක්මනින් අදාල විෂයන් ආරම්භ කරන ලෙසත් උසස් පෙළ විභාගයේ වැදගත් කථානායකවරයා හොදොන් දන්නේද යන්නත් පවසා සිටියේය.

ඉල්ලීමක් තියෙනවා ඒ උසස් පෙළ ශිෂ්‍යන්ට ෆයිසර් එන්නත ලබා දෙන්න කියලා. අනිත් එන්නත් හරියන්නෑ. ඒ තරුණ දරුවන්ට ගැලපෙන එන්නත, ෆයිසර් එන්නත ලබා දීලා ඒ අදාළ විෂයමාලාවන් උගන්වලා ඒක පවත්වන්න කියලා හැකි ඉක්මනින් මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඔබතුමත් දන්නවා උසස් පෙළ විභාගයේ තියෙන වැදගත්කම. ඒක පවත්වන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.