මෙරට ඇඟලුම් කර්මාන්තය බිඳවැටීමට ඉඩදිය නොහැකි බව ඇඟලුම් කර්මාන්ත හිමිකරුවන් පවසයි.

ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරුවන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවකදී කියා සිටියේ රටේ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු සියලුම කර්මාන්ත ශාලා වසා දැමීමය යුතු බවය.

එම ප්‍රකාශයකයට ප්‍රතිචාර දක්වමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ පවසා සිටියේ,

“කතාකරලා කියන්න පුළුන් වහන්න, කරන්න එපා කියන්න පුළුවන් හැබැයි ඒ වහලා ඉන්න අයට වහලා ඉන්න කාලසීමාව තුළ විතරක් නෙමෙයි මේ ව්‍යාපාරය වැටිලා විනාශ වෙලා ගියාට පස්සේ බලාගන්න කවුද ඉන්නේ? කවුරුත් නැහැ. ව්‍යවසායකයෝ හැටියට අපි අවදානම් අරගෙන තමයි මේ ව්‍යාපාර කරන්නේ. මෙතැනදිත් අවදානම් තියෙනවා නැත්තේ නැහැ. නමුත් ඒ අවදානමට අවශ්‍ය ආරක්ෂාව සපයලා තියෙනවා. හැබැයි අවදානමට වඩා රට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ඉතාම වැදගත්. ඉතාම ඉහළයි. එහෙම නොකොළොත් ඊට පස්සේ වෙන විනාශය ගැන අපිට කාටවත් උත්තර දෙන්න බැරිවෙනවා. රට අසමත් කරවන්න අපි කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ. “ යනුවෙනි.