කොවිඩ් වසංගතය මර්දන කටයුතු මෙන්ම සියලුම ක්‍රියාකාරකම් සිදු කරන අතරතුර අභ්‍යන්තර ආරක්ෂාව සඳහා ද වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා දැනුම් දී ඇත.

එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබූ අතර isis යනු සංවිධානයක් නොව මතවාදයක් වන බැවින් එය හඳුනාගැනීම පහසු කරුණක් නොවන බවත් මෙහිදී අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට දන්වන ලදී.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල ජගත් අල්විස් පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු සමඟ zoom තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගි වෙමින් මහජන ආරක්ෂක අමාත්‍වරයා මේ බව දැනුම් දී ඇත.

මෙහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත්තේ මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන් පළමුව හුදෙකලා වන අතර ඉන්පසු අන්තවාදයට ත්‍රස්තවාදයට ගමන් කළ හැකි බව සඳහන් කළ අතර ඒ පිළිබඳව විධිමත් අවධානයෙන් සිටින ලෙසයි.

අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් පිහිට වන අතර ඉන් එක් කණ්ඩායමක් කප්පම් සහ පාතාලය සම්බන්ධව ද අනෙක් කණ්ඩායම කුඩු ජාවාරම සම්බන්ධ මෙහෙයුම් සඳහා ද පත් කරන බවද දැනුම් දී තිබේ.

ක්‍රියාන්විත රාජකාරිවල ද වල දී යම් කිසි විදියකින් රාජකාරි කරන අයකු අභාවයට පත් වුවහොත් ඔහුගේ නියමිත කාලය අවසන්වනතුරු වැටුප් ගෙවන අතර කොරෝනා වසංගතය හමුවේ දැනට පොලිස් නිලධාරීන් 28ක් තමන්ගේ ජීවිතය කැප කර ඇති බවද සිහිපත් කරන ලදී.

ඔවුන්ටද තමන්ට හිටි හිමි වැටුප් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස අඅමාත්‍යංශ ලේකම්වරයාට මෙහිදී උපදෙස් ලබා දුන්හ.

කොරෝනා වසංගතය හමුවේ තමන්ගේ ජීවිතය දෙවෙනි කොට සලකමින් සිදු කරන සේවය වෙනුවෙන් පොලිස්පති ඇතුළු සියලුම පොලිස් නිලධාරීන් වෙත ස්තූතිය පුද කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.කොවිඩ් වෛරසය නිසා පොලිස් නිලධාරීන් 11,700ක් මේ වනවිට ගොදුරු වී බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.