බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු පැමිණීම හා ඇමති ධුරයේ දිවුරුම් දීම වෙනුවෙන් රටපුරා පැවති සැමරුම් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම ජගත් කුමාර ,

නිරෝධායන නීතිවලට අවනතව තමයි ඒ කටයුතු කළේ. ඒ වගේම ජනතාවට වුණත් පක්ෂයක් විදියට අපි කොහෙවත් ඒකරාශි වෙන්න කියලා නැහැ. ජනතාව ස්වකැමැත්තෙන් තැන් තැන්වල රතිඤ්ඤා පත්තු කරලා ප්‍රසාදය පළ කරලා තිබෙනවා. නැත්නම් වෙන කාලෙක නම් එතුමාට ඕනනම් ලක්ෂ ගාණක් පාරට බස්සලා ඔවුන්ගේ සහයෝගය සතුට ප්‍රකාශ කරන්න තිබුණා. හැබැයි එහෙම අපි කලේ නැහැ මේ නිරෝධායන තත්ත්වයන් තුළ.