බැසිල් රාජපක්ෂ විසින් තිරය පිටුපස හිඳ සිදු කළ විනාශය දෙස බැලූ විට තිරයෙන් ඉදිරියට පැමිණ බලතල සහිත අමාත්‍යධූරයක සිට සිදු කළ හැකි දෑ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි බව එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා පවසනවා.

මෙරට විදෙස් සංචිත හිඟය, විශාල වෙළඳ හිඟය දළදේශීය ආදායමෙන් ණය වාරිකය පියවීමට නොහැකි වීම, සීනි වංචාව, රටේ ආර්ථික මරමස්ථාන විදේශයන්ට විකිණීම වැනි දෑ තිරයෙන් පිටුපස හිඳ සිදුකර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථිකය කඩාවැටෙන හෙයින් සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය බව කියමින් යුක්‍රේනයෙන් ‘රස්තියාදුකාරයන්’ ගෙන්වාගත් බවත් ඔවුන් අතරින් කොවිඩ් ආසාදිතයින් හමුවන විට සහ ඔවුන් කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරමින් හැසිරෙන විට ඔවුන්ව ගෙන්වා ගත්තේ සංචාරකයන් හරහා කොවිඩ් බෝවිය හැකිදැයි පරීක්ෂා කිරීමට බව පැවසූ බවත් චමීර පෙරේරා සිහිපත් කර සිටිනවා.

කෙසේ නමුත් මෙරට කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වන විටම බැසිල් රාජපක්ෂ විසින් ඇමරිකාව බලා පිටත්ව ගිය බවයි ඔහු පවසන්නේ