බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස වගකිව යුතු අමාත්‍ය ධූරයක් ලබාගත යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් ආණ්ඩුවේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණයේ වගකීමද භාරගත යුතු බවට යෝජනාවක් අද(04) ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩල රැස්වීම් හතරකදී සම්මත විය.

මිනුවන්ගොඩ, අත්තනගල්ල, මීරිගම හා දොම්පේ ආසන බල මණ්ඩල මෙම යෝජනාව සම්මත කරගත්තේ zoom තාක්ෂණය ඔස්සේ  ආසන බල මණ්ඩල රැස්වීම් පැවත්වමිනි.

ඒ අනුව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තාක්ෂණය ඔස්සේ ආසන බලමන්ඩල රැස්වීමක් පැවැත්වූ පළමු දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.