තමනට රාජ්‍ය ඇමති ධූරයක් ලැබීමට නියමිත බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම් සඳහන් කරයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවේ ඇමතිධූර සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර ලබා දෙන බව පොරොන්දු වූ බවද බැසිල් රාජපක්ෂ පැවසීය.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ධූරයේ දිවුරුම් දුන්නේ මෑතක දී නිසා ඔහු කියූ දේ ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදෙන ලද්දේ එම පදනම බව ද ඔහු සඳහන් කළේ ය.

අලි සබ්රි රහීම් මහතා නියෝජනය කරන්නේ රිෂාද් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයයි.

එම පක්‍ෂය පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කලේය.