සමස්ත සෞඛ්‍ය ප්‍රජාවම රට වසා දමන ලෙස බල කරද්දී ආණ්ඩුව එම තීන්දුව නොගන්නේ උද්දච්චකම සහ මෝඩකම හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න පවසයි.

ආන්ඩුව දැන රටත් ජනතාවත් දෙවියන්ට බාර දී රට පුරා කනත්තවල් සදහා ඉඩම් සොයමින් සිටින බවද විද්‍යාරත්න කීය.

ඔහු පෙන්වා දෙන්නේ උගතුන්, වියතුන්, පූජ්‍ය පක්ෂය නිහඩව නොසිට දැන්වත් ආණ්ඩුවට බලපෑම් එල්ල කිරීමට ඉදිරියට පැමිණිය යුතු බවකි.