ඉන්දීයාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාර සමූහයක් වන අදානි සමාගම කොලඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සදහා වන ත්‍රෛපාර්ශවීය ගිවිසුමට අද දිනයේදී එළඹ ඇති බව වාර්තා වේ. ජෝන් කීල්ස් සමාගම සහ වරාය අධිකාරිය මෙහි අනෙකුත් පාර්ශවයන් ද්විත්වයයි.

මෙය ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ ආයෝජනය කෙරෙන ව්‍යාපෘතියකි. මේ අනුව නැගෙනහිර ජැටියේ අයිතියෙන් 51% අදානි සමූහයට හිමිවේ.

අදානි සමාගම මින් පෙරදී ජපානය හා එක්ව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සදහා සූදානමින් පසුවුවද ඊට වෘත්තීය සමිති, ස්වාමීන්වහන්සේලා සහ දේශපාලන කණ්ඩායම් විසින් එල්ල කල විරෝධය හමුවේ එම ව්‍යාපෘතිය නතර කිරීමට රාජපක්ෂ රජය තීරණය කරන ලදි. එම විරෝධය නිර්මාණය කිරීම සදහා චීනයේ මෙරට තානාපති කාර්යාලය විශාල වෙහෙසක් ගත් බවද ඒ දිනවල දේශපාලන ලෝකයේ කතාබහට ලක්විය.

අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ඉදිරියට දියත්කිරීම සදහා අවශ්‍ය වන මූලික සැලසුම් මේ වනවිට සකස් කරමින් පවතී.

අදානි සමාගමේ හිමිකරු වන ගෞතම් අදානි ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධාන පෙලේ අධාරකරුවකු වේ.