සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන ප්‍රවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් තිබු බවට හිටපු නීතිපතිවරයා කළ ප්‍රකාශයත් අප විසින් කොමිෂම ඉදිරියේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට කට උත්තර නැති වී තිබෙන බවත් ඒ මහතා සදහන් කළ සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ පාඨලී චම්පික රණවක මහතා,

“ආණ්ඩුව දේශපාලන දඩයම් කරමින් මේ ප්‍රශ්නය වෙනතකට යොමු කරන්න නොයෙක් නොයෙක් ආකාරයේ උපක්‍රම කරමින්, ජාතික ආගමික හිංසාකාරී ක්‍රියා ඇතිවන ආකාරයට ආණ්ඩුවේ මාධ්‍ය හසුරවමින් ඉන්නවා කණගාටුදායකයි.”