බලවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් සිය මිතුරන්ට එල්ලුම් ගහ බැලීමට අවශය බව කියමින් බීමතින් බලහත්කාරයෙන්

වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වී ඇතැයි ‘ද මෝනිං’ පුවත්පත අනාවරණය කරයි.

එම පුවත්පත පෙන්වා දෙන්නේ රාජ්‍ය ඇමතිවරයාගේ මිතුරන් ද බීමතින් සිටි බවත්, ඔවුන් බොහෝ දෙනෙක්

කොට කලිසම් ඇඳ සිටි බවත් රාජ්‍ය ඇමතිවරයා පිස්තෝලයක් අතේ තබාගෙන සිට ඇති බවත්ය.

ඔවුන් කෙතරම් බීමත්ව සිටියේද යත් ඇතැමුන් බිම ඇද වැටී ඇති බවද පුවත්පත පෙන්වා දෙයි.

මෙම පිරිස නැවැත්වීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට මෙම පිරිස වාචිකව බැන වැදී ඇති බවද පුවත්පත වැඩිදුරටත් හෙළි කරයි.

කෙසේ වෙතත්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙම සිදුවීම පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවකි.