එන්නත් දෙකම ලබාගත් සහ දින 14ක නිරෝධායනය අවසන් කළ විදේශීය සංචාරකයින් සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට හැකිවන පරිදි, නීති ලිහිල් කර තිබෙන බව සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරනවා.

ඒ අනුව එන්නත් දෙකම ලබාගත් සහ නිරෝධායනය අවසන් කළ සංචාරකයෙකුට නිරෝධායන නීතිරීති අනුගමනය කරමින් සංචාරක බුබුළ මඟහැර සංචාරය කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර ඇය වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායන ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී ද එලෙස ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.